අඛණ්ඩව දෙවැනි දිනටත් කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 900 ඉක්මවා ගියේය.
ස්පාඤ්ඤ රජය අද (3) නිකුත් කළ දත්තවලට අනුව සිකුරාදා පස්වරු 4.00 න් ගෙවීගිය පැය 24 ක කාලයේදී එරටින් දිනක් ඇතුළත් වාර්තා වූ මරණ ගණන 932ක් විය.
ඉතාලියට පසු වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 10,935 කි. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 117,710කි.
ඒ.එෆ්.පී.
055

