දෙවැනි දිනටත් මත්තලට වී


මත්තල  ජාත්‍යයන්තර ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩා සංකිර්ණයේ වී ගබඩා කිරීම අද (03) ද සිදුවූ  බව ගුවන්තොටුපළ සේවකයෝ කියති.

වී අලෙවි මණ්ඩලයේ  වීරවිල, පන්නේගමුව , අම්බලන්තොට යන ගබඩාවල ගබඩා කර තිබූ වී තොග මෙසේ  ලොරි රථවලින් මත්තල ගුවන්තොටුපළ වෙත රැගෙන යෑම සිදු කෙරිණි.

පස්වරුව වන විට වී ලොරි විස්සකට ආසන්න සංඛ්‍යාවක් ගුවන්තොටුපළට පැමිණ තිබේ.

මත්තල ගුවන්තොටේ ගබඩා වල වී ගබඩා කිරීමට ගත් තීරණය බොහෝ දෙනාගේ දැඩි පිළිකුලට ලක්වී තිබේ.