දෙවැනි දිනටත් පූනරින් වැල්ල හාරයි


වසර 14කට පෙර කොටි මිසයිලයකින් පූනරින්හි මුහුදට කඩා වැටුණු ඇන්ටනෝව් යානයේ ගමන් කළ 55 දෙනාගේ සිරුරු සොයා අද දෙවැනි දිනටත් පූනරිල් වැල්ල හෑරීමට යයි. මේ සඳහා බැකෝ යන්ත්‍ර යොදා ගැනේ. පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශය පවසනුයේ අනතුරෙන් පසු සිරුරු 31ක් වැල්ලට ගොඩ ගසා තිබූ බවට තොරතුරු ඇති බවයි. වැල්ල හාරනුයේ ද එම අංශයේ මග පෙන්වීම අනුවය. මළසිරුරු 31ක කොටස් ගොඩ ගසා තිබිණැයි පෙර දින පළවූයේ ප්‍රමාධ දෝශයකිනි.