දෙවැනි තරගයේ සිට යළි සටන් වදිනවා
ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ විශාලතම පරාජයට මුහුණ දුන් නමුත් දෙවැනි තරගයේ සිට නැවතත් සටන් වදින බව ශී‍්‍ර ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පාල් නුවරදී පෙරේදා පැවසීය. එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයේදී ලකුණු 258 ක දැවැන්ත ජයක් කරා යාමට දකුණු අපි‍්‍රකානු පිල සමත් වූ අතර එය වසර 37 ක ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය ලෙසින්ද සටහන් විය.
ශී‍්‍ර ලංකා කණ්ඩායමක් එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 43 වාර්තා වූයේ මෙම තරගයේදීය.
”අපි ටෙස්ට් තරගාවලිය හොඳින් ආරම්භ කළේ නෑ. ඒත් අපි දෙවැනි ටෙස්ට් තරගය දිනාගත්තා. අපි එක්දින තරගාවලිය හොඳින් ආරම්භ කළේත් නෑ. ඒ නිසා තව දින කිහිපයකින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී හොඳින් කී‍්‍රඩා කරන්නට සිදුවෙනවා”
”දෙවැනි එක්දින තරගයේදී තරගාවලිය සම කිරීම කණ්ඩායමක් වශයෙන් අපගේ ඊළ`ග ඉලක්කයයි” යයි පාල් තරගයෙන් අනතුරුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඩිල්ෂාන් පැවසීය.
සිය කණ්ඩායම මුහුණ දුන් දැවැන්ත පරාජය නිසා ඩිල්ෂාන්ට වචන පවා අමතක වී තිබිණ.
”මගේ තරග දිවියේ නරකම තරගය මෙයයි”
”අපි හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. පළමු ඕවර 5 දී අපි කඩුලූ 5 ක් දුන්නා. පළමු ඕවර 5 දී කඩුලූ 5 ක් දුන්නාම, එතැනින් ගැළවෙන්න හරිම අමාරුයි”
”පිතිකරු ඒකකයක් වශයෙන් අප ඉතාමත් නරකට කී‍්‍රඩා කළා” යයිද ඩිල්ෂාන් පැවසීය.
මෙය දුර්වල පන්දුවට පහර දීමක් යයි නායකයා හඳුන්වයි. එහෙත් යථාර්ථය වූයේ නියමිත ඉලක්කයකට පන්දු යවන, ආක‍්‍රමණශීලී, උසස් ගණයේ වේග පන්දුවලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා පිතිකරුවන් මේ වන විට අසමත්ව සිටීමයි.
”මා හිතන්නේ ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැවුවා. ඒත් දුර්වල පහර තෝරා ගැනීමකුත් එතැන තිබුණා. ප‍්‍රධානතම ප‍්‍රශ්නය ඒකයි....ඒක ආකාර දෙකකින් වුණා. අපි හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැවුවා”
”මේක හොඳ තණතීරුවක්. පිතිකරුවන්ට වඩාත් යෝග්‍යයි. ඒත් ඔවුන් හොඳින් පන්දු යැවුවා. අපි හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. ඒකයි මෙතන වුණේ.”
ශී‍්‍ර ලංකා ඉනිම ආරම්භ වූ අවස්ථාවේ සිටම, තම පිතිකරුවන් එකා පසුපස එකා ආපසු කී‍්‍රඩාගාරයට යන අයුරු ඩිල්ෂාන් බලා සිටියේ අදහාගත නොහැකි, ත‍්‍රස්ත වූ ආකාරයෙනි. ලසිත් මාලිංග තම 100 වැනි එක්දින තරගයේදී ලකුණු 54 කට කඩුලූ 5 ක් දවාගත් නමුත් ඔහුට තනිවම සියල්ල කළ නොහැකි විය.
”මේක ලකුණු 300 ක තණතීරුවක් නොවෙයි. ඕනෑනම් ලකුණු 260 ක්, 270 ක් තියෙන්න ඇති. ඒත් එක් වෙලාවක ඔවුන් පන්දුවට පහර දුන් ආකාරය නිසා මා හිතුවා ලකුණු 330 ක් පමණ ලබාගනීවි කියා”
”ඒත් අපි අවසන් ඕවර 10 දී හොඳ සටනක් දෙමින් ලකුණු 60 කට කඩුලූ 6 ක දවාගත්තා. ඒත් අවාසනාවකට වගේ අපි හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ”
”අඩුතරමේ අපට සටනක් වත් දෙන්න තිබුණා. ඒත් අපේ පිතිකරුවන් එවැනි දෙයක් වත් පෙන්නුම් කළේ නෑ” යයි ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් ඩිල්ෂාන් තවදුරටත් සිය පිතිකරුවන් කෙරේ විශ්වාසය තබා සිටී.
”මා තාමත් හිතනවා මේ පිතිකරු ලයිස්තුවට පුළුවන් කියා දෙවැනි තරගයේදී මීට වඩා හොඳ තරගයක් දෙන්න”
”අප සියලූ දෙනාම පළපුරුදු කී‍්‍රඩකයන්. මෙතැන පළපුරුද්දේ අඩුවක් මට පෙනෙන්න නෑ. දෙවැනි තරගයේදී අපගේ දස්කම් අනුව අපට කී‍්‍රඩා කරන්න පුළුවන්” යයි ඩිල්ෂාන් පවසයි.
දුර්වල පහර තේරීමක් තිබුණද කී‍්‍රඩක විවේකාගාරයේදී රළු වදන් නොතිබූ බව ඩිල්ෂාන් කියයි.
”ඒක දුර්වල පරාජයක් තමා. ඒත් කිසිවකුට ඇ`ගිල්ල දිගු කරන්න බෑ. ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් හැටියට අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනෑ” යයිද ඩිල්ෂාන් පැවසීය.
මේ අතර දකුණු අපි‍්‍රකානු එක්දින කණ්ඩායමේ නව නායක ඒ.බී. ඩිවිලියර්ස් පවසන්නේ පාල් තරගයේදී නායකයකු වශයෙන් තමන්ට කිසිදු අභියෝගයක් නොතිබූ බවයි.
”ඒක මා බලාපොරොත්තු වූ ආකාරයේ තරගයක් නොවෙයි. කොහොම වුණත් මගේ අසීරු අවස්ථා ඉදිරියේදී තිබෙන බව මට හිතාගන්න පුළුවන්”
”මා ඊට මුහුණ දෙන්න සූදානම්” යයිද ඩිවිලියර්ස් පැවසීය.
නායකයකු වශයෙන් මුහුණ දුන් මුල්ම එක්දින තරගයේදී වාර්තාගත ජයක් ලැබූ නමුත් ඩිවිලියර්ස් එයින් උද්දාමයට පත් නොවේ.
”මේක උද්දාමයට පත්වෙන්න තරම් අවස්ථාවක් නොවන බව තේරුම් ගන්න තරම් මා කී‍්‍රඩා කරලා තිබෙනවා. ඒත් මේ දස්කම් අති විශිෂ්ටයි. මා උද්දාමයට පත්කරන්නේ එයයි” යයිද දකුණු අපි‍්‍රකානු නායකයා පැවසීය. කෙසේ වෙතත් දෙවැනි එක්දින තරගය සම්පූර්ණයෙන්ම නව තරගයක් ලෙස සැලකීමට තමන් සූදානම් බවත් ඩිවිලියර් පැවසීය.

