දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තයට තියුණු ජයක්
ඩග් බ්‍රේස්වෙල්ගේ (40/6) විශිෂ්ට පන්දු යැවීම නිසා හොබාර්ත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව පරදවා ලකුණු 7 ක තියුණු ජයක් ලබා ගැනීමට නවසීලන්ත පිල සමත්විය. ඒ අනුව දෙරට අතර තරග දෙකකින් පැවැති ටෙස්ට් තරගාවලිය 1- 1 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන්විය.ලකුණු 241 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ටේ‍්‍රලියානු පිලේ දෙවැනි ඉනිම තරගයේ තවත් දිනයක් තිබියදී ලකුණු 233 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ පෙරේදා (12) සමත්වුහ. තෙවැනි දිනයේ (11 වැනිදා) තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 72 ක් ලබාසිටි අතර ඔවුන්ට තරගය ජය ලැබීමට දින දෙකක් තුළ ලකුණු 169 ක් ලබා ගැනීමට තිබිණ. නවසීලන්තය පළමු ඉනිම 150 සහ දෙවැනි 226 (රෝස් ටේලර් 56, කේන් විලියම්සන් 34, පැටින්සන් 54/3, පීටර් සිඞ්ල් 66/3, නේදන් ලියෝන් 25/3) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 136 සහ දෙවැනි ඉනිම 233 (ඬේවිඞ් වෝනර් 123, උස්මන් කවජා 23, ටිම් සවුති 77/2, ඩග් බ්‍රේස්වෙල් 40/6)

