දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරයි


ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (12 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය. ශී‍්‍ර ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 174 ට පිළිතුරු වශයෙන්  ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 7 කට ලකුණු 411 ක් ලබා ඉනිම අත්හිටුවීය. අවසන් දිනයේ වර්ෂාව නිසා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 317 ක් ලබා සිටියේය. තරග 3 කින් සමන්විත ‘වෝන් ‐ මුරලිදරන් ටෙස්ට් තරගාවලියේ’දී  ඕස්ටේ‍්‍රලියාව මේ වන විටත් 1‐0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී.