හර්ෂණ තුෂාර සිල්වා
තිරසර සාමය සහ සංවර්ධනය සඳහා සංවාදයක් යන්න තේමාව කරගනිමින් දෙවැනි ජාතික තරුණ සමුළුව මේ මස 20 සහ 21 දෙදින කොළඹදී පැවැත්වේ.
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය එක්ව ජාතික තරුණ සමුළුව සංවිධානය කරයි.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් තිරසර සාමය සහ සංවර්ධනය ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා තරුණ තරුණියන් සම්බන්ධ කරගැනීම, සාමය ගොඩනැගීමේ ක්‍රියාවලියට සම්බන්ධව සිටින තරුණ තරුණියන් අතර සංවාදයක් ඇති කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණුය.
යාපනය විශ්ව විද්‍යාලය, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා කලා කවුන්සිලය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සහයෝගය සහ දායකත්වය ඇතිව සමුළුවේ පළමු දිනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
සමුළුවේ පළමු දිනයේදී තරුණයන් සහ සාමය ගොඩනැගීම සම්බන්ධයෙන් සකස් කරන ලද අත්පොත් දෙකක් එළිදැක්වීමට නියමිතය. එම අත්පොත් පාසල් විෂය නිර්දේශවලට සමගාමීව පාසල් දරුවන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ද මෙහිදි ඉදිරිපත් කිරීමට නියමිතය.
සමුළුවේ දෙවැනි දිනය රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙන අතර එහිදි පොදු රාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපනික මාධ්‍ය මධ්‍යස්ථානයේ සාමාජිකයන් සමුළුවට සහභාගී වන තරුණ තරුණියන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය, නීලන් තිරුචෙල්වම් පදනම, වර්ල්ඞ් විෂන් ශ්‍රී ලංකා, ශ්‍රී ලංකාවේ, කැනේඩියානු ලෝක විශ්ව විද්‍යාලය සේවය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, ආසියානු කලාපය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපනික මාධ්‍ය මධ්‍යස්ථානය ඇතුළු ආයතන සහ සංවිධාන කිහිපයක් දෙවැනි ජාතික තරුණ සමුළුව සඳහා මූල්‍ය සහ තාක්ෂණික සහාය දක්වයි.