රංජන් කස්තුරි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීම සඳහා යොදා ගන්නා පාසල් 5ක් මේ මස 23 වැනිදින සිට පෙබරවාරි මස 3 වැනි දින දක්වා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
කොළඹ සී. ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය , මාතර මධ්‍ය මහා විද්‍යාලය , කුරුණැගල සී. ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය , මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල සහ බදුල්ල ඌව මධ්‍ය මහා විද්‍යාලය යන විදුහල් එලෙස වසා තැබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එම වසා තැබෙන පාසල් පෙබරවාරී මස 5 වැනිදින යළි විවෘත කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඇගයීම කටයුතු සඳහා තවත් පාසල් 19ක කොටසක් වසා තැබෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම පාසල් වල ඇගයීම කටයුතු සිඳු කෙරෙන අතරතුර අධ්‍යයන කටයුතු කරගෙන යන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

