පොසොන් පොහෝදා මිහින්තලය වැඳ පඩිපෙළ බසිද්දී පය ලිස්සා වැටී තුවාල ලැබු කසුන් චලන කොළඹ ජාතික රෝහලේදී මිය ගියේය.
නබඩගස් වැව විදුහලේ පස්වැනි පෙළේ ඉගෙනගත් කසුන්ගේ අවමඟුල රඹෑවේදී සිදු විය.
පය ලිස්සා ගිය නංගී බේරා ගැනීමට යද්දී ඔහු මේ අනතුරට ලක්විය.
අනතුර සිදු වීමට පැය කිහිපයකට පෙර ඔහු මවට කියා ඇත්තේ අම්මේ මට දිව්‍යලෝකය පෙන්වන ලෙසයි අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ දිව්‍යලෝක සිතුවම් පෙන් වු බව ඔහුගේ මව පත්මා සෝමසීලී මහත්මිය කියයි.

