දෙවලපොළ අනතුරකින් දෙදෙනකු මරුට


මිනුවන්ගොඩ දෙවලපොළ දී අද රාත්‍රී සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
 
බස් රථයක් සහ ත්‍රීරෝද රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
 
මිය ගොස් ඇත්තේ ත්‍රීරෝද රියේ ගමන් කළ දෙදෙනකු බව පොලිසිය පවසයි.