සතර කෝරළයේ ගල්බඩ කෝරළයේ මැද පත්තුවට අයත් දෙවනගල රජමහ විහාරය සබරගමු පළාතේ කෑගල්ල දිස්තී‍්‍රක්කයේ අරණායක ප‍්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයට අයත් පුදබිමකි.
මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම දක්වා දිවෙන මාර්ගයේ කිලෝ මීටර් 4 ක් පමණ ඔබ්බෙන් පිහිට් දෙවනගල අක්කර 72 ක් පුරා පැතිරුණු පුදබිමකි.
දෙසැම්බර් 23 වැනි දින පොලිසීය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශාල පිරිසක් එම ප‍්‍රදේශයේ උදෑසන සිට ආරක්ෂාව සඳහා යොදවා තිබුණේ සිංහල රාවය භික්ෂුන් හා එම සංවිධානයේ ගිහි පිරිස පැමිණෙන නිසාය. මෙම පුද බිම සතු පුරා විද්‍යා කාලාපය මැන පුද බිම රැක දෙන ලෙස එම සංවිධානය රජයට බල කරයි.
2005 මැයි මස 20 වැනි දින ගැසැට් පත‍්‍රයේ පුරා විද්‍යා පෙරණ කාලාපයක් ලෙස නම් කර මෙම පුද බිම 2008 වසරේදීද මැනුම් කටයුතු කර පෙරණ කාලපය වෙන් කිරිමට පැමිණි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ඉඩ නොදුන්නේ දේශපාලන අධිකාරිය විසින් වළක්වන ළදැයි සිංහල රාවය කියයි.
දෙවනගල සුරකිමේ සංවිධානයේ සභාපති බුද්ධික ඩයස් මහතා කියා සිටියේ මෙම මැනුම් කටයුතු නොකළ නිසා ප‍්‍රශ්නයක් ලෙස දුර දිග ඇදී ගොස් දෙවනගල ඉඩම් නිරවුල් කිරිමේ ප‍්‍රතිඵලයක් ලෙස පුරා විද්‍යා කොමසාරිස් සමග සාකච්ජාවක් සිංහල රාවය භික්ෂුන් පැවැත්විය.
පෙරණ කාලාපය නිරවුල් කිරිමට ගල කියන කොටස ගැසැට් කළ යුතු බවත් මාසයක් ඇතුලත ඔහු ඒ සඳහා වැඩපිළිවෙලක් සකසන බව ද කියු බවත් ඩයස් මහතා පවසයි.
1876 ලංකා මැනුමට අනුව මෙම දෙවනගල පූජා භූමියට අක්කර 72 කි. එය දෙවනගල ගල් පර්වතයේ සිට රුවන්දෙනිය ගම දක්වා විහිදේ.මෙයින් බොහෝමයක් අක‍්‍රමණ වලට ලක් වි ඇතැයි ද ඔහු කියයි.
දෙවනලගල සෙල් ලිපි වලට ඇසිඩ් වත් කළ ඇති අකාරයක් ද මෙහි බොහෝ පුරා වස්තු සොරකම් කර ඇති බවටද ගල කඩා නිවාස ඉදි කර ඇති බවද ඔහු කියයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිංහල රාවය සභාපති අක්මීමන දයාරතන,දෙවනගල රජමහ විහාරය ලංකා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් බවත් වරක් දන්ත ධාතුන් වහන්සේ පවා මෙම ස්ථානයේ ආරක්ෂා කැළ බවත් හිමියෝ කියති.