දෙවන පාසල් වාරය හෙටින් අවසන්


(රංජන් කස්තුරි)

රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ දෙවන පාසල් වාරය හෙටින් (27) අවසන් කෙරේ.

මේ වසරේ තෙවන පාසල්වාරය නොවැම්බර් මස 01 වැනි බදාදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි