දෙමළ සන්ධානයට ඕනෑ ශ්‍රිලනිප-එජාප ජාතික ආණ්ඩුවක්


(එෆ්.අස්ලම්)

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික  පක්ෂය  එක්ව පිහිටුවන ජාතික ආණ්ඩුවකට හැර ඇමතිධූර වැඩිකර ගැනීමට දරන කිසිදු උත්සහායකට දෙමළ ජාතික සන්ධානය සහාය නොවන බව එම සන්ධානයේ  මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
 
ඇමතිධූර වැඩිකර ගැනීමට පෙරාතුව ගත් උත්සහායටද දෙමළ ජාතික සන්ධානය එරෙහි වූ  බවත් ජාතික ආණ්ඩුවක් කියමින් අමාත්‍යධූරයන් වැඩිකර ගැනීමට ගෙන යන වත්මන්  ක්‍රියාදාමයටද තම සන්ධානය එරෙහි බවත් සුමන්තිරන් මහතා කීය.
 
 ජාතික ආණ්ඩුවක් රට තුළ පැවතිය යුතුයි යන්න   ස්ථාවරය බවත් ව්‍යවස්ථාමය තීන්දු තීරණ ගැනීම සදහා ප්‍රධාන පක්ෂ දෙකම එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් ඒ සදහා දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහාය ලබා දෙන බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.
 
 ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්දයෙන් අදහස් පලකරමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කළහ.