කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ රියදුරකු හා පණිවුඩකරුවකු ලෙස සේවය කර අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සේවකයාට රුපියල් 1649692.80 ගෙවීමට කම්කරු විනිශ්චය සභාවේ සභාපතිනිය හා අතිරේක මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එන්.ප්‍රියදර්ශනී හේරත් මහත්මිය නියම කළාය.
පැමිණිලිකරු උඩුගම්පළ ඩබ්ලිව්.එම්.කේ.එම්.පී.එල්.ප්‍රනාන්දු මහතාය. නඩු විභාගය මහ කොමසාරිස් කාර්යාලය නොමැතිව ඒක පාර්ශිකව විභාග කෙරිණි.
රුපියල් 40,000 ක වැටුපක් ලැබූ තමා ඉන්දිරානි ජයවර්ධන මහත්මිය සමග උතුරේ රාජකාරියකට ගිය බවත් තමා දෙමළ නොදන්නා බව කියමින් උතුරේ රාජකාරි කිරීමට තමාට ඉඩ නොදුන් බවත් එහෙත් ජයවර්ධන මහත්මියද දෙමළ නොදැන සිටි බවත් පැමිණිල්ලේ සඳහන්ය.
මාසයක් ඇතුළත කම්කරු කොමසාරිස් වෙත මුදල් ගෙවන ලෙසද නියෝග කැරිණි.

