ජාතික ගැටළුව සම්බන්ධයෙන් විසඳුමක් නොලබා කිසිදු ආණ්ඩුවක් සමග එකතුවන්නේ නැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ලංකාදීපය සමග සාකච්ඡාවකදී පැවසීය.
පත්වන ආණ්ඩුවක් සමග එකතුවීමට අපේක්ෂා කරන බවට දෙමළ ජාතික සන්ධානය මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති බවද ජාතික ගැටළුවට විසඳුමක් ලැබුණොත් එදිනට එම ආණ්ඩු සමග එකතුවනවාද නැද්ද යන්න පිළිබඳව සාකද්ධා කළ හැකි බවත් ඔහු කීවේය.

