දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක්


(රොමේෂ් මධුෂංඛ)
 
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා සාකච්ජාවක් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වෙයන් අද (12) වවුනියාව පෞද්ගලික හෝටලයකදි ආරම්භ වී තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය හා දෙමළ ජාතික සන්ධානයේ හටගෙන ඇති අර්බුද සම්බන්ධයෙන් එහිදි සාකච්ජා කිරීමට නියමිත බැව් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පැවසූහ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන වෙනුවෙන් තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජාවේදී මූලික වශයෙන් සාකච්ජා කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයෝ පැවසූහ.

ඊට අමතරව මේ වන විට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව වෙනම මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇති ඊ.පී.ආර්.එල්.එෆ්  පක්ෂය සම්බන්ධයෙන්ද අද අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

නමුත් මෙම සාකච්ඡාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් හෝ ඊ.පී.ආර්.එල්.එෆ්  පක්ෂ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතාද සහභාගී වී සිටියේ නැත.