දෙමළ ජනතාව දෙවැනි ප්‍රජාවක් නොවේ


ජාතික ගැටලුව ෆෙඩරල්  විසඳුමක්  ලබාදෙනවාද නැද්ද යන්න පිළිබඳව එළැඹෙන පාර්ලිමේන්තුවේදි බලාගත හැකි  බව දෙමළ ජාතික සන්ධානයේ නායක  ආර්.සම්බන්ධන් මහතා පැවසුවේය.

ජාතික ගැටළුව වෙනුවෙන්  ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා  සිටීම නිවැරදි  බවත්  මෙරට  දෙමළ ජනතාව රටේ  දෙවන ප්‍රජාවක් ලෙස ජිවත්වීම අකැමැති බව ඔහු කීවේය.

ලෝකයේ  ජනවාර්ගික ගැටලු  වලට  විසඳුමක්  ලෙස ෆෙඩරල් ක්‍රමය ඉතා  සාර්ථකව ක්‍රියාත්මක වන බව ඔහු කියා සිටියේය.