දෙමසකට පසු බොරැල්ල තරුණයාගේ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

බොරැල්ල සරණපාල හිමි මාවතේ දී තරුණයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු සිද්ධියෙන් මාස දෙකකට පසු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි සිටි වයස අවුරුදු 26,36 යන වයස්වල පසුවන්නෝ වෙති.

ඉකුත් සැත්තැම්බර් 15 වැනි දා මෙම ඝාතනය සිදුකර ඇත. සැකකරුවන් දෙදෙනා  අද (27) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.