
(ඉන්දිකා රාමනායක)
මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන දෙමටගොඩ රුවන් නැමැත්තා 2017- 2019 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට මුහුදු මගින් කෝටි 700කට අධික වටිනා හෙරොයින් තොගයක් ගෙන්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම කාලය තුළ හෙරොයින් කිලෝ 720 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 321 ක, හෂීස් කිලෝ 30 මෙරටට ගෙන්වා ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
මෙම වසරේ අප්‍රේල් මස ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් හෙරොයින් කිලෝ 340 ක් ප්‍රමාණක් සහිතව සැකකරුවන් පස් දෙනකු සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය ද දෙමටගොඩ රුවන් නැමැත්තා වෙත රැගෙන එමින් තිබූ ඒවා බවට හෙළි වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සැකකරුවන් සතුව තිබූ සැටලයිට් දුරකථනයක් ඔස්සේ සිදුකළ විමර්ශනයේදී මේ බව හෙළි කර ගත් බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
2019 වසරේ දී බහුදින යාත්‍රාවකින් රටට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ දෙසියක ප්‍රමාණයක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබූ අතර එම මත් කුඩු තොගයද දෙමටගොඩ රුවන් නැමැත්තා වෙත රැගෙන එමින් සිට ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් හෙළි වූ බව ද හෙතෙම කියා සිටියේය.
2019 වසරේ දීම හෙරොයින් කිලෝ 200 ක්, අයිස් කිලෝ 5ක්, හෂිස් කිලෝ 30 ක් මෙරටට රැගෙනවිත් ඇති බවට අනාවරණය කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2021 වසරේ මේ දක්වා කාලය තුළ මොහු අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 21 රටට ගෙන්වා ඇති බවද ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.
දෙමටගොඩ රුවන් නැමැත්තා ඊයේ (29 ) දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවසේදී නීති විරෝධී දේපල හෝ වත්කම් පොලිස් විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම ජාවාරම් වලින් උපයා ගත් මුදලින් මිලදී ගත් බව කියන සුඛෝප භෝගී වාහන හයක් ද පොලිසිය භාරයට ගෙන තිබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද සවස පැවැති මාධ්‍ය හමුවකදිය

