(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමටගොඩ ආරාමය පාරේ පස් මහල් නිවසක ඉහළ මහලේ ගින්නක් හටගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම ගින්න අද (17) පස්වරු 3.00 ට පමණ හටගෙන ඇති අතර ගිනි නිවන හමුදාව, පොලිසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

