දෙබරවැවම රතු වෙයි


කැරලිකාර පාර්ශ්වයේ කිසිවකුගේ ද සහභාගීත්වයක් නොමැතිව ජනතා විමුක්ති පෙමුණේ විශේෂ මහා සමුළුව තිස්සමහාරාමයේ දෙබරවැව පොදු ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වේ. හදුනාගැනීමෙන් පසුව 3200 පමණ පිරිසක් රැස්වීමට ඇතුළු කර ගනු ලැබූහ. රතු ධජ පතාක ළෙල දෙද්දී, ඔල්වරසන් මැද, නායක සෝමවංශ අමරසිංහ මහතා පැමිණියේය. ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට කලින් අවුත් රැස්වීම ඇමැතීය. කැරලිකරුවන් කිසිවකු එහි නැතැයි පක්ෂයේ තිස්ස සංවිධායක යාපා චන්ද්‍රෙස්කර මහතා කීවේය.