දෙපිරිසක් පී සී සිරුර ඉල්ලති


වෙනප්පුව සුදුවැල්ල හතරමං හන්දියේදී  යතුරුපැදියක්  හා කැරවන් රියක් ගැටීමෙන් මිය ගිය යතුරුපැදිකරු වු පොලිස් කොස්තාපල්ගේ දේහය ඉල්ලා දෙපාර්ශවයක් මාරාවිල , මහවැව හදිසි මරණ පරීක්ෂක ජී ඩී පද්මසිරි මහතා වෙත  කරුණු දැක්වුහ.

මිය ගිය කොස්තාපල්ගේ මා පියෝද බිරියද  සිරුර ඉල්ලා සිටියහ.මා පියන් පැවසුයේ තම පුතා අවිවාහකයෙකු බවයි.ඒත් බිරිය විවාහා සහතිකයක් ඉදිරිපත් කළාය.දෙපාර්ශවයම එකඟකරවාගත් මරණ පරීක්ෂක පළමුව බිරියගේ ගෙදරත් දෙවනුව මා පියන්ගේ පොළොන්නරුවේ ගෙදර අවසන් කටයුතු කරන ලෙස නියෝග කළේය.