දෙපැත්තෙන්ම 41ක් අත්අඩංගුවට


අලුත්ගම හා ධර්ගා නගරයේ ජුනි 15 ගැටුම් සම්බන්ධයෙන් සැකපිට දෙපාර්ශ්වයේම 41 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

එයින් 25 දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මේ පිරිස ගැටුම්වලට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.

මේ අතර ධර්ගා නගරයේ දී පෙට්‍රල් බෝම්බ 17ක් සමඟ දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඇඳිරිනීතිය ඉවත් කර තිබිය දී බෑගයක් අතැතිව පොලිස් මුරපොළ අසළ සිටි පුද්ගලයකු සැකපිට පරීක්ෂා කිරීමේ දී එම බෝම්බ සොයාගෙන ඇත.