දෙනියාය රෝහලේ කාර්ය මණ්ඩලය නේවාසික ස්ථානවලින් එළවාදමති


 (එස්.ඩී. කොඩිකාර)
 
රටේ පැතිර යන කොරෝනා වයිරසය හේතුවෙන්  දෙනියාය මූලික රෝහලේ   කාර්ය මණ්ඩල  නේවාසිකව සිටි ඇතැම් පෞද්ගලික කුලී නිවාස හිමිකරුවන් ඔවුන්ට තවදුරටත් එම ස්ථානවල රැඳී සිටීමට ඉඩ කඩ  ලබාදීමට අකමැත්ත  පළකර සිටි හෙයින් එම කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි  කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා අද (23)  පැවසීය.
 
විශේෂයෙන් මේ හේතුවෙන් එයට විසඳුමක් ලෙස තේ කර්මාන්ත  රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහ කොටපොළ ප්‍රාදේශීය ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ  මැදිහත්වීම මත දෙනියාය තේ පර්යේෂණායතනය සහ රාජ්‍ය පරිපාලනයට අයත් සංචාරක නිකේතන දෙක එම කාර්ය මණ්ඩලය සඳහා වෙන් කර දුන් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.