1991 දී පුලස්තිගම ගැමියකු මරා රුපියල් 20000කට ආසන්න මුදලක් හා රන් අබරණ කොල්ල කෑ දෙදෙනෙක් පොළොන්නරුව අතිරේක මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් මරණ දඬුවමට යටත් කරනු ලැබූහ.
එක් අයකුට වසර පහ බැගින් සිර දඬුවම්ද රුපියල් පන්දහස බැගින් දඩ ද නියම විය.
පුලස්තිගම තලපත්ආරුව බී.ඕ.පී. 313 ජනපදයේ හේනකරාළලාගේ නිමල් කරුණාතිලක, ග්‍රෑන්ඩ්පාස්හි නවගමුවගේ ජගත් ප්‍රසන්න එම දෙදෙනාය.

