දෙන්නාගේම උස අඩි තුනයි


කළුතර ගල්පාත දියගම පී ඩී ධර්මසිරි ප්‍රේමලාල් (35) ඔරලෝසු හා ජංගම දුරකතන අලුත්වැඩියා කිරීමේ කාර්මික ශිල්පියා (උස අඩි 3) ඔහුගේ උසට සමාන මනාලියක හා යුග දිවියට ඇතුළත් විය. මනාලිය මොරටුව සොයිසා පුරයේ දිලිනි ඉරෝෂා සේනාරත්න (26) හඳහන් බැලීමෙන් පසු විවාහය සිදු විය. පොරොන්දම් ගැලපිනි. මොරටුවේ හෝටලයකදී නව යුවළ අතිනත් ගත්තේ සියලු චාරිත්‍ර ඉටු කරමිනි.