දෙනවයි කියලා දුන්නේ නෑ


ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවල ඡන්ද විමසීමෙන්  ශ්‍රී ලංකාව පරාජයට පත්වීම පිළිබදව  බෙහෙවින් කණගාටුවට පත්වන බව සචින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා ජීනීවා නුවර සිට එසැණට පැවසීය.

තමා හා  ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ඇතුළු මහත්වරු කණ්ඩායමක් සෑම රටකටම කරුණු පහදා දීමට ක්‍රියා කළ බවත් 26 වැනිදා රාත්‍රී වන තෙක් ප්‍රබල රටවල් තුනක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමට තම කණ්ඩායමට පොරොන්දු වී සිටි බවත් අවසන් වරට ඔවුන් එම තීරණය වෙනස් කිරීමෙන්  ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම පුදුමයට පත් වු බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය

ඉන්දියාව යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටිම  ජනාධිපතිතුමා හා රට ලැබු ජයග්‍රණයක් බව ද ඒ මහතා කීහ.