රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී.කුමාරගේ මහතාට පසුගියදා ලොතරැයි දිනුමකින් රුපියල් ලක්ෂ 20ක මුදලක් දිනා ගැනීමට හැකිවූ බව කියයි.
තමාට හිමිවුණ එම මුදල දේවාලයේ අරමුදලට තැන්පත් කර බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව කුමාරගේ මහතා පවසයි.
දේවාලය අසළ ටිකට්පත් අලෙවිකරුවකුගෙන් තමා එය මිලට ගත් බවද ඔහු සඳහන් කරයි.

