(තිලකරත්න දිසානායක)
කොරෝනා වයිරසය හේතුවෙන් හෙද කාර්ය මණ්ඩලයට ලබාදී ඇති දින පහක සේවයෙන් පසුව දෙදිනක විවේකය ලබාදෙන්නැයි ඉල්ලා ගම්පහ මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (1) උදෑසන සිට සේවා කටයුතු වලින් බැහැරව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතව සිටිති.
කොරෝනා වසංගතය හමුවේ රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ද අනතුරුදායක තත්ත්වයක් යටතේ කටයුතු කරන බැවින් බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් හෙද කාර්ය මණ්ඩලයට ලබා දෙන
දෙදිනක විවේක නිවාඩුව ඉල්ලා සේවයෙන් බැහැරව සිටින බව ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛා සභාපති ආර්. කේ. පී .රත්නායක මහතා පැවසීය.
මෙම වෘත්තීය ක්‍රියා මාර්ග තමන්ට පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ගෙන් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ මෙම ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ , පවතින තත්ත්වය මත දැඩි අපහසුතාවයක් මධ්‍යයේ වුවද උපරිමව රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

