දෙදරු මවක් අභිරහස් ලෙස මියයයි


වඳුරඹ සිරිනිහාල් ගමගේ
විසිහතර වියැති දෙදරු මවක් අද (11) අලුයම  අභිරහස් ලෙස මියගොස් මේ වනවිට පොලිස් පරීක්ෂණ අරභා ඇත. වඳුරඹ පිලගොඩ වත්ත, කොකාවල, කුරුමිණි බංගලාව යන ලිපිනයේ පදිංචිව සිටි එම වත්තේ කුලී වැඩ කරමින් ජීවිකාව ගෙවන එම.විජය ලක්ෂ්මි නමැති කාන්තාව මෙසේ අභිරහස් ලෙස මරමුවට ලක්වී ඇත. සැකපිට ඇයගේ ස්වාමිපුරුශයා,ඔහුගේ සොහොයුරා හා සොහොයුරාගේ බිරිද පොලිස් අත්අඩංගුවේ පසුවෙති.


මෙම කාන්තාව හා ඇයගේ ස්වාමි පුරුෂයා වන කේ.සිංගාර වේලු (32) හා ස්වාමි පුරුෂයාගේ අයියා හා ඔහුගේ බිරිද සමග කිරිමිනි බංගලාව,කොකාවල ලිපිනයේ පදිංචිව සිටිමින් පිලගොඩ වතුයායේ කොකාවල කොටසේ කම්කරුවන් ලෙස රැකියාව කර ඇත.මෙම කාන්තාවගේ දරුවන් දෙදෙනා ඇයගේ මව භාරයේ වෙනත් ප්‍රදේශයක සිටින බැව් ප්‍රදේශවාසින් පවසයි.


(10) ඊයේ පස්වරුවේ මෙම අයට වැඩකිරීමට අදාළ වැටුප් ලබාදී ඇත.ඒ අනුව මෙම කාන්තාව් හා ඇයගේ සැමියා වැටුප් ලබා ගෙන පැමිණි බැව් වතු කංකානම වන ජිනදාස මහතා පවසයි.


මෙසේ පැමිණි මොවුන් නවසේ සිටියදී තම බිරිද උදෑසන අවධි නොවූ බවත් අයගේ අතෙහි තුවාල තිබු බවත් සිංගාර වීලු නමැති අය 11 දින උදේ 0800ට පමණ කොකාවල ග්‍රාම සේවා නිලධාරිනිය වන එම්.ඩී.එම් මෙන්ඩිස් මහත්මියගේ නිවසට ගොස් පවසා ඇත. එවිට ග්‍රාම සේවා නිලධාරිනිය තම දුරකතනයෙන් වඳුරඹ පොලිස් ස්ථානය වෙත මේ ගැන පැමිණිලි කර ඇත.


ඒ අනුව වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ කරගෙන යන අතර මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා හා එම නිවසේම වාසය කල එම සැකකරුගේ අයියා හා ඔහුගේ බිරිද සැකපිට අත්අඩංගුවට ගෙන පරික්ෂණ පවත්වමින් සිටි.


අත්අඩංගුවට පත් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා හා ඔහුගේ සොහොයුරා පෙර දින රාත්‍රී අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා මේ වන විටද මත ගතියෙන් සිටින බැව් පොලිස් ආරංචි මාර්ග වලින් තහවුරු වේ.මෙම අභිරහස්  මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා අපරාධ ස්ථාන පරික්ෂ නිලධාරීන්ගේ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

ප්‍රදේශය භාර වතු කන්කානම -  ඩි.එච්.කේ.ජිනදාස මහතා (67)