දෙකෝටියක වංචාවක්


විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල්  කෝටි  දෙකකට  අධික මුදලක්  පීපල්ස්  ලීසින්  සමාගමේ  නියෝජ්‍ය  සමාගමේ නියෝජ්‍ය  සාමාන්‍යාධීකාරිවරයාට  සහ සෙනිත්  ට්‍රස්ට් සමාගමේ  අධ්‍යක්ෂකවරුන්  තිදෙනෙකුට  එරෙහිව නිතිපති කොළඹ මහාධිකරණය හමුවේ නඩු  ඇත.

පැමිණිල්ල  නොදත්  පිරිසක්  සමඟ එක්ව සිදුකළ කුමන්ත්‍රණයට  අනුව මාස නවයක දී  රුපියල්  කෝටි  දෙකකට  අධීක මුදලක්  මෙලෙස වංචා  කළ බවට  විත්තිකරුවන්ට  එරෙහි  නිතිපති චෝදනා  තුනක්  යටතේ  නඩු පවරා  ඇත.

පීපල්ස් ලීසින්  ඇන්ඩ්  ෆයිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කිත්සෙන් සංජිව බණ්ඩාරනායක,සෙනිත් ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන වෙන්ගප්පුලි  ආරච්චිගේ සුසන්ත , කිංස්ලි  චන්දන ගුණවර්ධන, සහ දුමිඳු චතුරංග සිල්වා චෝදනා  ලබා  සිටිති.

2012 අගෝස්තු  පළමු වැනිදාත් 2013 මැයි  30 වැනි දා අතර කාලය තුළ කොළඹ දි පැමිණිල්ල නොදත්  පිරිසක්  සමඟ එක්වී පීපල්ස්  ලීසින්  ඇන්ඩ්  ෆයිනෑන්ස්  සමාගමට  අයත්  රුපියල්  20,290 ,579.43 ක්  සාපරාධි ලෙස  සාවද්‍ය  පරිහරණය කිරිමට  කුමන්ත්‍රණය කිරිම ඒ අනුව අදාළ  මුදල් සාපරාධි  ලෙස සාවද්‍ය  පරිහරණය කිරිම සහ ඒ  සඳහා  ආධාර  හා අනුබල ලබා දුන්  බවට  චෝදනා  විත්තිකරුට  එරෙහිව  ඉදිරිපත්  කොට  ඇත.

ලේඛණ 09 ක්  සහ  සාක්කිකරුවන් 13 දෙනෙකු  ඉදිරිපත්  කිරිමට  අදහස්  කරන බව නීතිපතිවරයා  විසින් අධිකරණයට  දැනුම් දී  ඇත.