දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් පූර්ව තරගය අද
ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (බදාදා) පැවැත්වේ.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ එංගලන්තය අතර අද (බදාදා) පෙරවරුවේ පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතය.
අවසන් මහ තරගය හෙට (බ‍්‍රහස්පතින්දා) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල මෙම තරගාවලියේ පළමු වටයේ තරග අටෙන් තරග හයක් ජය ලැබූ අතර ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ පරාජයට පත්විය.

