දූෂිතයා කොතැන හිටියත්, තරා තිරම නොබලා දඬුවම් කිරීමට රජය පසුබට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. දකුණු ආසියාවේ විශාලතම ධීවර වරාය වත්තල දික්ඕවිට දී අද (18) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ සඳහන් කෙළේය. වත්මන් රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක වන රාජ්‍යක් බැවින්, නීතියට ගරුකරනවා සේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ද උපරිමයෙහි කැපවී සිටින බවත් රාජපක්ෂ මහතා කීවේය.
ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමට කැපවූවා සේම මත් උවදුරෙන් ද අනාගත පරපුර බේරා ගැනීමට සියලු දෙනා ඒකරාශි විය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කෙළේය.

