දූෂිත ඇමතිවරුන්ට ඉඩ තිබිය නොහැකියි - මහාචාර්ය විජේසූරිය


(විනීතා එම් ගමගේ)

‘‘දූෂණය පිටු දකිනවා කියල  බලයට ආවා නම් දූෂීතයන්ට ඉඩක් තිබිය නොහැකියි. මේ වගේ දේවල් ගැන අපි ආණ්ඩුවේ අවධානය යොමු කර තියෙනවා. ඒ වගේම දිගින් දිගටම ආණ්ඩුවට අනතුරු අඟවනවා.’’ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා  ප‍්‍රකාශ කළේය.

‘‘කැබිනට් සංශෝධනය ගැන සෑහිමකට පත් වන්නේ නැහැ. දූෂණය පිටු දකිනවා කියල ආවා නම් දූෂිත ඇමතිවරුන්ට ඉඩ තිබිය නොහැකියි. මේවා ගැන බරපතල විවේචන  තියෙනවා. නමුත් ඒ ගැන කිසිම අවධානයක් යොමු කර නැහැ. අපි ඒ ගැන දිගින් දිගටම අනතුරු අඟවනවා. “ යැයි ද විජේසුරිය මහතා කීය.

 ‘‘අපි ගල් ගහන්නේ සියයක් ගහද්දි අඹයක් දෙකක් වැටෙයි කියා හිතා ගෙනයි. ගහන ගහන ගලට අඹ වැටෙන්නේ නැහැ. කොට්ට උරයක් අනික් පැත්ත හරවනව වගේ අනික් පැත්ත හරවන්න පුළුවන් නම් ඒක කරනවා. එහෙම කරන්න බැහැ’’ යැයි ද හෙතෙම පැවසීය.

විජේසූරිය මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (24) පැවති එම ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් අමතමිනි.