ගිය රජය සමයේ සිදුවූ විවිධ දූෂණ හා වංචා මාධ්‍යයට හෙළි කරන ‘‘හෙළිදරව්ව - 2‘ මාධ්‍ය සාකච්ඡාව අද (23) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
රජයේ බැංකුවකට අනුබද්ධ ලීසිං සමාගමක් රුපියල් මිලියන 140ක මුදලක් කිසිදු ඇප තැන්පතුවක් නොමැතිව වෙනත් පෞද්ගලික ආයතනයකට ලබාදී ඇති බවත් එම ලීසිං සමාගම සෘජුවම 2015 ජනපතිවරණයට රුපියල් මිලියන 250ක් වියදම් කර ඇති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.
එම දූෂණ වංචා ගැන තමන් දන්නා සියලු කරුණු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතාද එම අවස්ථාවට එක්විය.


