දූෂණ නැති කළොත් රාජ්‍ය වියදමින් සියයට 25ක් ඉතුරුයි


(ඩයනා උදයංගනී)
 
දූෂණ වංචාව නැතිකර මුදල් අවභාවිතාව වැළැක්වුවහොත් රාජ්‍ය වියදම්වලින් සියයට 25ක් ඉතිරි කර ගත හැකි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.
 
එවිට ණය  අර්බුදයෙන් පවා ගොඩ ආ හැකි බව ද විගණකාධිපතිවරයා කීවේය.
 
පසුගිය දශක දෙකක කාලයේ රටේ මූල්‍ය විනය කඩාවැටීමට හේතුව දේශපාලන අධිකාරිය බව ද විජේසිංහ මහතා සඳහන් කළේය.