බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහාවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට මහාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් නව සමාජිකයෝය.
මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන සහ මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න යන මහත්වරු ඔවුහුය.
ඔවුන් දෙදෙනා අද (6) සිට කොමිසමේ වැඩ භාර ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කමිටුව මේවන විට ආරම්භ කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිෂම පත් කැරිණි.

