බිරිඳගේ පහළොස් හැවිරිදි නැගණිය අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරුවකුට අභියාචනාධිකරණයෙන් නියම කර තිබූ බරපතල වැඩ සහිත වසර 10 ක සිරදඬුවම ඉවත දැමීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර මහාධිකරණය මඟින් වසර 10කට අත්හිටවූ බරපතල වැඩ සහිත වසර 2ක සිර දඬුවම තහවුරු කිරීමට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය. මෙම පෙත්සම ඊවා වනසුන්දර, සරත් ද ආබෲ සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්ම මහත්මීන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

