දූගේ මංගල්ලෙට යන්න අවසර පතයි
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, මොහොමඞ් පාරුක් මරා දැමී යැයි තවත් නඩුවකින් චෝදනා ලබා බෝගම්බර හිරගෙදර සිටින මොහොමඞ් නියාස් නවුපර්ට (පොට්ට නවුපර්ට) ඔහුගේ දියණියගේ මංගල උත්සවයට සහභාගී වීමට බන්ධනාගාර නීතියේ ඉඩකඩ තිබේදැයි සොයා බලා සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධරයනට උපදෙස් දුන්නේය. නවුපර්ගේ නීතිඥවරයා මෝසමක් මගින් ඉල්ලා සිටියේ ලබන බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන මංගල්‍යයට යෑමට අවසර දෙන ලෙසයි.

