බාලවයස්කාර දැරියක කෙළෙසී යැයි වළල්ලාවිට ඩබ්ලිව් මංජුල නම් පුද්ගලයකුට කලුතර මහාධිකරණයෙන් නියම කළ වසර දොළහක සිර සිර දඩුවම ඉවත් කළ අභියාචනාධිකරණ සැකකරු නිදහස් කරන්නැයි නියෝග කළේය.
සැකකරු සිර භාරයේ තබා ගැනීමට බන්ධනාගාරයට බලයක් නැති නැති හෙයින් ඔහු වහා නිදහස් කරන්නැයි අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ජේ ආබෘ සහ ඩබ්ලිව් ඩී සී ජයතිලක මහත්වරු නියෝග කළහ.
අභියාචනාධිකරණයෙන් තීරණය වුයේ දැරිය බලහත්කාරයෙන් කෙළෙසු බවට සාක්කි ඉදිරිපත් වී නැති බවයි.
පැමිණිල්ල සැකයෙන් තොර ඉදිරිපත් කැර නැතැයි ද අභියාචනාධිකරණය කියා සිටියේය.
දැරිය හා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය සැකකරු ඇය පැහැරගෙන ගිය බවට චෝදනා කරමින් නඩුව පවරා තිබිණි.

