යාපනය පුන්ගුඩතිව් පාසලේ ඉගෙනුම ලැබූ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය සමූහ දූෂණය කොට ඝාතනය කරන ලද සැකකරුවන්ගේ ජාන පරීක්ෂණය සිදු කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා විසින් අවසර දුන්නේය.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින 09 දෙනාගේ රුධිර සාම්පල් ගෙන පරීක්ෂා කිරීමට අධිකරණය මෙම අවසරය දී ඇති අතර, එම රුධිර සාම්පල් ඩිඑන්ඒ පරීක්ෂණ සඳහා යොමු කොට අදාළ වාර්තාවන් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කයිට්ස් විනිසුරු කුමාර් මහතා විසින් නියෝග කොට ඇත. සැප්තැම්බර් 01 වන දිනට යළි නඩුව කැඳවීමට නියමිතව ඇත.

![kayts-03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/kayts-031.jpg)
![kayts-04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/kayts-041.jpg)
![unnamed[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/unnamed1.jpg)
