දුවා දරුවන් විසි දහසකට පමණ පිරිසකට මවක් වූ ඇය - කුමාරී ගේ‍්‍රරු


ඇය දරු දෙදෙනෙකුගේ මවකි. නමුත් ඒ මව් පදවියේ උරුම ලබා දෙන්නේ තම දරු දෙදෙනාම පමණක් නොවේ. දුවාදරුවෝ විසි දහසකට පමණ පිරිසකට ඇය දයාබර මවක වී සිටින්නීය. ඒ අන් කවරකුවත් නොවේ. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ජාලයේ සම්බන්ධීකර විදුහල්පතිනිය වන කුමාරී ගේ‍්‍රරුය.

ඊට අමතරව සමාජ සේවයෙහි යෙදෙන ඇය සැමියාගේ කටයුතු වලට මෙන්ම ගෙදර දොර කටයුතුද නොපිරිහෙලා කරන්නීය. සරලවම කිවහොත් ඇය සමාජයට වඩාත් සක‍්‍රීය වූ කාන්තාවකි. රාජකාරි කටයුතු, ගෙදර කටයුතු අතරේ පීඩනයට පත්ව සිටින බොහෝ කාන්තාවනට ඇයගෙන් ලබා ගත හැකි ආදර්ශවත් දේ බොහෝ යැයි අපට විශ්වාස කළ හැකිය. ඒ නිසා සමාජයට වැඩදායි වූ කුමාරී ගේ‍්‍රරුය. අපි පිළිසදරකට කැදවීමු.

 

SAN_3837

 


black-check-mark-hiඔබ ගැන සදහන් කළොත්?
මම උපන්නේ කොළඹ කිරුළපනදී. ඉගෙන ගත්තේ කොළඹ විශාකා විද්‍යාලයෙන්. කොළඹ සරසවියේ ජීව වද්‍යා අංශයේ උපාධිධාරිණියක්. 

 


black-check-mark-hiඅරමුණ වුණේ වෛද්‍යවරියක වීමටද?
ජීව විද්‍යා අංශයට ආශා කළා. ඒ නිසා උපාධිය දක්වා ඉගෙනීමටයි ආශා කළේ. පසුව පශ්චාත් උපාධි දෙක - තුනකටම පෙනී සිටියා. නිශ්චිත රැකියාවක් කිරීමේ අරමුණ තිබුණේ නැහැ. මගේ මහත්තයාගේ හමුව ඇතිවුණේ ඒ කාලයේදීයි.

 


black-check-mark-hiඒ හමුව ගැන මතකය අවදි කරන්න පුලූ‍වනිද?
අපි අසල්වාසීන් කිව්වොත් නිවැරදියි. එකම ගමේ. අපේ පවුල් දෙකේ වැඩි හිටියන් දැන හදුනන උදවිය. මම එයාගේ උසස් පෙළ පංතිවලටත් ගියා. මාපිය සම්බන්ධතාව සහ අපි දෙදෙනාගේ දැන හදුනා ගැනීම අනුව විවාහය සිදුවුණා. ඉන්පසු මම රැකියාවක් ගැන හිතුවේ නැහැ.

මේ විදියට ගෘහනියක ලෙස කටයුතු කරමින් සිටියදී සැමියාට අවශ්‍ය වුණේ එයා හරිහම්බ කරගත් දෙයින් සමාජයට පෙරළා යමක් ලබාදීමටයි. ලයිසියම් ජාත්‍යන්තර පාසල පටන් ගත්තේ ඒ අරමුණ ඇතිවයි. ඔහුගේ ගතිගුණ ගොඩාක් හොදයි. ඉතින් එදා මම ඔහුව තෝරා ගත්තේ ඒ ගතිගුණ නිසාමයි.

 

SAN_3966
black-check-mark-hiඔබ කොහොම ප‍‍්‍රතිපත්ති ඇති කාන්තාවක්ද?
මොන දේ වුණත් ඇත්ත ප‍‍්‍රකාශ කළ යුතුයි. ඒ ප‍‍්‍රතිපත්තියේ තදින්ම සිටින කෙනෙක්.

 


black-check-mark-hiවත්මනෙහි ඔබ ලයිසියම් පාසල් ජාලයේ සම්බන්ධීකරණ විදුහල්පතිනිය වෙනවා. කොහොමද ඒ තනතුරට පත්වුණේ?
මුලින්ම කියන්න  ඕනෑ එහි ආරම්භකයා මාගේ සැමියා. එතුමා ආරම්භක අධ්‍යක්ෂවරයා වුණා. පසු කලෙක දේශපාලන තනතුරු ලබද්දී ඒ සියල්ලෙන් ඉවත් වුණා. එතුමාගේ ආශිර්වාදය යටතේ මම මේ අද දරන රාජකාරයට පත්වුණා. මුලිනම අපි මේ පාසල පටන් ගත්තේ ළමයින් 7 දෙනෙකුගෙන් විතරයි. අද වන විට 18,000 කට ආසන්න දූ දරු පිරිසක් අධ්‍යාපනය ලබනවා. පසුගිය කාලසීමාවේදී අධ්‍යාපනය ලැබූ සියලූ‍ම ළමයින් අද සමාජයේ යහපත් පුරවැසියන් ලෙස වැජඹෙනවා. 

 


black-check-mark-hiඔබ දරුදෙදෙනෙකුගේ මවක් 18,000 ක් වැනි විශාල පිරිසකට ඔබ මවක වී සිටින්නේ කොහොමද? එය අසීරු දෙයක් නොවෙයිද?
හදවතට එකගව කටයුතු කරනවා නම්, ඒක බැරෑරුම් දෙයක් නෙවෙයි. මේ ළමුන් වගේම අපේ සමස්ත ගුරු මඩුල්ල වගේම අනෙකුත් සේවක, සේවිකා සියලූ‍ දෙනාටම මම එක වගේ ආදරෙයි. විශේෂයෙන්ම ළමුන් දිහා භේදයකින් බලන්නේ නැහැ. මගේ ක‍්‍රමය එයයි.

 


black-check-mark-hiසෑම ළමයෙකුටම එකවගේ කරුණාව, ආදරය, දයාව දක්වන්න පුලූ‍වනිද?
අමාරු අයත් සිටිනවා. නමුත් මම බලන්නේ දරුවාගේ හොද දේ ගැනයි. සමාජයේ සෑම පුද්ගලයෙකුගේම හොද පැත්තක් වගේම නරක පැත්තක් තිබෙනවා. නරක දේ හැකිතාක් යටපත් කර හොද දේ ඉස්මතු කරගෙන දරුවා සමාජගත කිරීමයි විය යුතු.

 


black-check-mark-hiදරුවන් බලා ගැනීම, ගෙදරදොර වැඩ කටයුතු, ඒ වගේම සැමියාගේ වැඩ මෙන්ම රාජකාරී වැඩ කිරීම ආදී කාර්ය බහුලත්වය නිසා බොහෝ කාන්තාවන් පීඩනයට පත්වෙනවා. එවැනි පීඩනයක් ඔබට දැනෙන්නේ නැද්ද? කාන්ත්වකට ජීවිතය මහ බරක්ද?

කොච්චර වැඩ තිබුණත් එය කළමණාකාරණය කිරීම හොද කාන්තාවක් සතු දෙයක්. ඒ සියලූ‍ වැඩ අතරින් තමුන් වඩා මුල්තැන දිය යුතු දේ ගැන සිතන්න  ඕනෑ. මට මගේ පවුල තමයි මුල්තැන. ඒ පවුලේ කටයුතු වලට දිය යුතු සාධාරණය ඉටු කර අනෙකුත් වගකීම් උපරිමයෙන් කරන්න උත්සාහ ගන්නවා. ඕනෑම  කාන්තාවක් මොන දේ කළත් මුලින්ම සිතිය යුතු වන්නේ තම පවුල ගැනයි. ඊළගට රක්‍ෂාව ගැන සිතන්න  ඕනෑ. අපි දෙන්නම එකම රාජකාරිය කළ නිසා එය අපට පහසුවක් වුණා. මුලදී මම ටිකක් කළබල වුණා. නමුත් අත්දැකීම් එක්ක සියල්ලම පුරුදු වුණා. විදුහල්පතිනියක වීම ලෙහෙසි දෙයක් වුණේ නැහැ. නමුත් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න මට පුලූ‍වන් වුණා. මට ලබාදුන්න අවස්ථාවෙන් මම උපරිම ප‍‍්‍රයෝජනය ලබා ගත්තා.

 

SAN_3985


black-check-mark-hiඊට හේතු වූ විශේෂ දේ කුමක්ද?
ආදරය - කරුණාව මූලික කරගෙන සියල්ල කිරීම. සැමෝටම හොදින් සැළකීම වගේම මා නොදැන සිටි දේ හැමෝගෙන්ම දැන ගැනීම. එය මා අදටත් කරන දෙයක්. අපි ජීවිතේ හැමදාම ඉගෙන ගන්නවා. අපට වඩා ළමයකු හෝ දැණුමින් යුුතු නම් ඒ දරුවාගෙන් හෝ ඉගෙනීමට මැළිවිය යුතු නැහැ. අපි දන්නවා කියලා හිතාගෙන වැඩ කරන්න ගියොත් අපට වරදින්නේ එතැනදීයි. අපි ඉගෙන ගන්න, ඇහුම්කන් දෙන්න පුරුදු වුණොත් එය වඩා පළදායි වෙනවා. එවිට සාර්ථක කාන්තාවක් විය හැකියි.

 


black-check-mark-hiරාජකාරී කරන සමහර කාන්තාවන්ගේ ගෘහ ජීවිතය බිද වැටීමට බලපාන්නේ මොන වගේ හේතුද?
රාජකාරියට පමණක්ම මුල්තැන දීම නිසයි.

 


black-check-mark-hiරාජකාරිය දේවකාරියටත් වඩා වටිනවා නේද?
ඒක හරි, නමුත් ගෙදර වගකීම්, යුතුකම් සියල්ල අමතක කර දමා රාජකාරයි ගැන පමණක මුල් තැන් දී කටයුතු කළොත් එය ලොකු ප‍‍්‍රශ්නයක් වේවි. ප‍‍්‍රශ්න මතු වන්නෙ එවිටයි. තමාගේ තරමට වඩා වැඩ කළත් - නොකළත් අනිවාර්යයෙන්ම  දරුවන් වෙනුවෙන් කාලයක් වෙන කළ යුතුමයි. අද ගෘහ ජීවිතයේ බිද වැටීමට මූලික වූ හේතුවක් වී තිබෙන්නේ බොහෝ කාන්තාවන් සියල්ල අමතක කර දමා මුදල් පසුපස හඹා යාමයි. තමුන්ගේ ව්‍යාපාර, තමුන්ගේ රැකියා කටයුතු වගේම ආදායම් මාර්ග ගැන විතරක් සිතා පවුල අමතක කළ යුතු නැහැ. එවිට එය ලොකු ප‍‍්‍රශ්නයක් බවට පත්වෙනවා අනිවාරයෙන්ම තමුන්ගේ පවුලට මුල්තැන දිය යුතුමයි. රැකියාවටත් ඉහළම සාධාරණය වෙන්න ඕනෑ නමුත් එය කළ යුත්තේ තම පවුල බිලිදීලා නොවෙයි.

 

SAN_3706

 

sadun-gamage new