දුවයි පුතයි ළිඳට දැමූ පියා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වාලච්චේන මාවදීචේන ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 10 හැවිරිදි පිරිමි දරුවෙකු ඔවුන්ගේ පියා විසින් ළිඳට දමා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

සැකකාර පියා වාලච්චේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මළ සිරුරු මඩකලපුව රෝහලේ තැම්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.