දුවට අතවර කළ පියා අත්අඩංගුවට



 
(චන්දන ප්‍රනාන්දු)                                                                                                                                                                                                                                                                 
දන්කොටුව ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවක සේවක නිවසක ජිවත් වෙමින් සිටියදී තම දියණියව බරපතල අපයෝජනයකට ලක්කළ පියෙක්ව සැකපිට අත් අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
                                                                     

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 56 හැවිරිදි රියදුරුවරයෙකි.
                          
14 හැවිරිදි  මෙම පාසල් සිසුවිය යම් අපචාරයකට ලක්වීම නිසා ඉකුත් 15 වැනි දා හලාවත රෝහල් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු කාලයකට පෙර දැරිය බරපතල ලිංගික අපයෝජනයකට ලක් වි ඇති බව පරික්ෂණ වාර්තාවෙන් හෙළිදරවු වීම නිසා ඒ සම්බන්ධයෙන් දැරියගෙන් ලද තොරතුරු මත සැකකාර පියාව අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.


2017 වසරේ මුල් කාලයේදි හා 2017 වර්ෂයේ මැද බාගයේදී තම පියා දන්කොටුව ප්‍රදේශයේ උළු කර්මාන්තශාලා සේවක නිවාසයකදි නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවල  බලහත්කාරයෙන් මෙම අපරාධය කළ බව  දැරිය පිළි ගත් බව පොලිසිය කියයි.