තම දස හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප ද ගෙන ඇය කළක් තිස්සේ කෙළෙසීයැයි කියන රියදුරු පියෙකුට බරපතල වැඩ සහිත වසර සියයක සිර දඩුවම් නියම කළ ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය රුපියල් අනූ දහසක දඩද, රුපියල් ලක්ෂයක වන්දි ද නියම කළාය.
චෝදනා දොළහටම ඔහු වැරදිකරු විය.
තම දියණියගේ ආරක්ෂකයා විය යුතු පියා ඇය කෙළෙසා ඇතැයි ද, එවැනි ක්‍රියා හැඳින්වීමට සිංහල භාෂාවේ වචන නැතැයි ද විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවාය.

