
(සුමිත් ප්‍රේමතිලක )
වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසල පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට දුර්ලභ සුදු ලේනෙක් ඊයේ (25) පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි .
රතු පැහැති ඇස් සහිත ලේනා නිවසට පැමිණීමෙන් පසු අදාල සත්වයා කූඩුවකට දමා ජාතික සත්වෝද්යානයට සහ කළුතර උතුර පොලිසියට නිවැසියන් විසින් දැනුම් දී තිබේ .
මෙම ලේනා අඩියකට ආසන්න දිගකින් යුක්ත වන අතර, ජාතික සත්වෝද්‍යානයට භාරදීමට බලාපොරොත්තු වන බව නිවැසියන් පවසයි .
+


