(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාවික හමුදා මූලස්ථානයේ නව නිපැයුම් හා පර්යේෂණ ඒකකයේ නිලධාරීන් රුපියල් ලක්ෂයක පමණ වියදමින් දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කළ හැකි යන්ත්‍රයක් අද (12) කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත භාර දීම සිදු කෙරුණි.
කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන රෝගීන් වෙත සමීප නොවී ඔවුන් සමඟ සංවාදයේ යෙදීමටත් ඔවුන්ව නිරීක්ෂණය කිරීමට ආහාරපාන ලබා දීමට මෙන්ම විෂබීජ හරණය කිරීමට ලක් කිරීමට දුරස්ථ පාලක යන්ත්‍රයට හැකියාව ඇත .




