දුමින්දයි හිරුණිකයි දෙන්නම උසාවියේ


හිටපු ජනපතිගේ වෘත්තීය සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුව අද (06) කොළඹ මහාධිකරණයේ කැඳවූ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් විනිසුරුවරිය නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්ච මණ්ඩලය හමුවේ කැඳවූම සඳහා දහවල් 12.30 වන තෙක් කල් තැබුවාය.

නඩුවේ විත්තිකරුවකු වන හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවෝ ද අධිකරණයේ පෙනී සිටියහ.

භාරත ලක්ෂ්මන් මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පළාත් සභා මන්ත්‍රීවරිය ද අධිකරණයට පැමිණ සිටියාය.