දුමින්දත් අද වරුවක්ම පොලිසියේ


පසුගිය ජනාධිපතිවරණයට පෙර පොදු විපක්ෂ අපේක්ෂකයාවූ මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදිකරමින් තිබූ වේදිකාවට වෙඩි තැබීමට පිරිස පැමිණි රථය හා ඔවුන්ට නවාතැන් දීම සම්බන්ධයෙන්ද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පිරිසකට පහර දීම සම්බන්ධයෙන්ද පොලිස් විශේෂ විමර්ශන අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් අද (28) පැය 3කට වැඩි කාලයක් ප්‍රශ්න කළේය.

එම ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා සහ සහකාර අධිකාරී ගුණසේකර මහත්වරුන් ඔහුගෙන් ප්‍රශ්න කළ බව දැනගන්නට ඇත.

ඔහු යළිත් එහි කැඳවීමටද නියමිතය.