දුමින්දට මාස තුනක නිවාඩු


පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් මාස තුනක නිවාඩු ඉල්ලා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අනුමත විය. කොළොන්නාවේ වෙඩි තැබීමේ සිද්ධියකදී තුවාල ලැබූ ඔහු සිංගප්පූරු රෝහලක ප‍්‍රතිකාර ලබතියි කියති.